වර්ෂ 2009 දි ආරම්භ වූ මෙම වැඩසටහන තුලින් ලෝකවාසි සියළුම ජනතාවට මිනුවන්ගොඩ ප්‍රදේශයට අදාල ඉතිහාසමය, ආගමික, සංස්කෘතික, දේශපාලනික, ව්‍යාපාරික ඇතුළු සියළුම තොරතුරු ලබාදීම අපේක්ෂාව පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කරනු ලැබු ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය හරහා ඉතිහාසය පිලිබද ඇල්මක් දක්වන අයවළුන්, සිසුන්, ව්‍යාපාරිකයින්, සංචාරකයින් ඇතුළු සියළුම දෙනාට වඩාත් පහසුවෙන් එම තොරතුරු ලබා ගැනිමට අප කටයුතු සලසා ඇත. විශේෂයෙන් සදහන් කලයුතු කරුණක් වන්නෙ ලිඛිතව පවතින ඉතිහාසමය කරුණු වලට අමතර දැනට ජනවහරේ ශේෂව පවතින මුඛ පරම්පරාවෙන් පැවත එන කරුණු අනාගත සමාජය වෙනුවෙන් ඉතිරි කර තැබිම අපගේ පරමාර්ථය වන්නෙය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ දේශබන්ධු දර්ශන චතුරංග මහතා විසින් අතර ඒ සදහා අනූශාසකත්වයෙන් අපවත් වී වදාල විජය මංගල විහාරස්ථානයේ විහාරාධිපති කේවිටියාගල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ විදිය වත්ත නිග්‍රෝරාම විහාරාධිපති තෙප්පන්නාවේ සුනීත නායක ස්වාමීන් වහන්සේ විසින් අපව දිරිමත් කරන ලදී.
වර්ෂ 2017 දි සාහිත්‍යය මහෝත්සවයේදි එම වසරේ ප්‍රදේශයට කරන ලද නිහඩ සේවය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට මෙම ව්‍යාපෘතිය පත්විය.
දිනෙන් දින දියුණු වන තාක්ෂණය සහ නව සොයාගැනිම් වලින් යාවත්කාලීන වන ඉතිහාසමය කරුණුත් සමග මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා යටියන විජය මංගල නැණසල සහ වෘත්තීය පුහූණු මධ්‍යස්ථානය මේ වන විට කටයුතු කරමින් පවතී. එහෙයින් මෙම වැඩසටහන ඉදිරියේදී වඩාත් ප්‍රායෝගික අන්දමකින් නවමු මුහුණුවරකින් ඔබට දැක ගත හැකි වන අතර ඒ ගමන සදහා ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කර සිටිමු.