මිනුවන්ගොඩ පුරවයේ ඓතිහාසික ස්ථාන

මිනුවන්ගොඩ පුරවයේ ඓතිහාසික වටිනාකම් පිහිටි ස්ථාන

pic1

දොරණාගොඩ සුමන්තින්දාරාම රජමහා විහාරය

බුද්ධ වර්ෂ 2036 වැන්නෙහි රාජ්‍යයට පත් දෙවන පෑතිස් රජු විසින් ලක්දිව බුදු සසුන ප‍්‍රතිෂ්ඨාපනය කරන ලදී. එය මත ඇති වු බුදු සසුනේ පුනරුදයත් සමගම සංඝමිත්තා මෙහෙණින් ජය ශ‍්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවු සේක.

Read More

pic1

අස්ගිරිය රාජ මහා විහාරය

ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ඈතින් රජමහා විහාරය හමුවේ. ස්වාභාවිකව පිහිටි ගල්ලෙන් අශ්‍රිතව ගොඩනගන ලද පූජා භූමියකි.ක්‍රි.පූ 103 දී ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා මායා රටට පලා ආ වලගම්බා රජු තැන තැන සැඟවෙමින් සිටින විට මේ ස්ථානයේදි සැඟවී වාසය කර ඇති බවට ජනප්‍රවාදවල එයි.

Read More

pic2

උත්තරාරාම පුරාණ විහාරය - මාළිගා ගොඩැල්ල

උත්තරාරාම පුරාණ විහාරය ඓතිහාසිකමය වටිනාකමක් ඇති ඉතා වැදගත් නටඹුන් රාශියකින් සමන්විත ස්ථානයකි’ මෙම විහාරස්ථානය පිහිටි ප‍්‍රදේශය කෝට්ටේ යුගයේ උපරාජධානියක් ලෙස පැවතී ඇත.

Read More

pic3

ශුද්ධ වු ඌගෝ මුනිදුන්ගේ දෙව් මැදුර

ශුද්ධ වු ඌගෝ මුනිදුන්ගේ නමින් ඉදිකරන ලද මෙම ස්ථානය 1852 දී පමණ ඉංග‍්‍රීසි පාලන කාලයේදී ගොඩනගා ඇත. මේ නමින් වෙනත් ස්ථානයක දේවස්ථානයක් ඉදි නොවීම විශේෂ කරුණකි. එවකට මීගමුව මීසම භාරව සිටි එමලියානු පියතුමා විසින් අබිලීනු පෙරේරා මහතාගේ ඉල්ලීම මත මෙය ගොඩනගන්නට විය.

Read More

pic3

මැටිකොටමුල්ල විහාරය.

මැටිකොටමුල්ල විහාරය ක‍්‍රි.ව. 1862 දී සාදන ලද එකක් යැයි ජනප‍්‍රවාදයේ දැක්වේ. මෙහි ඇති ඉතාමත් පැරණිතම ස්ථානය වන්නේ ටැම්පිට විහාරයයි.

Read More

pic3

ගල්කන්ද සිරි නිකේතන පිරිවෙන් මුල මහා විහාරය

මෙම විහාරස්ථානය ”අරංහතේ” යනුවෙන් හදුන්වා ඇති බවට ජනප‍්‍රවාදයේ පවතී’ ගල්ලෙන් හා දුරාතීතයේ යෝගාවචරයින් බවුන් වැඩු ස්ථානයක් බවට විශ්වාස කරයි’ මෙම විහාරය ”පුංචි කැළණිය” යනුවෙන් ද එවකට ප‍්‍රදේශවාසීන් විසින් හදුන්වා ඇත’

Read More

pic3

ගල්ඔලූව මුස්ලිම් පල්ලිය

ගල් ඔලූව ශතවර්ෂ ගණනාවකට පෙර සිටම මුස්ලිම් ගම්මානයක’. කොටුගොඩ, මිරිස්වත්ත, මාබොදල, දිවුලපිටිය, පින්නකැලේ ආදී ගම්මාන වල පදිංචි මුස්ලිම් ජනතාව වරින් වර මෙම ප‍්‍රදේශයේ පදිංචිව ඇත.

Read More

pic3

පුරාන අම්බලම්

මිනුවන්ගොඩ බලප්‍රදේශය තුල පුරාණ අම්බලම් දෙකක් හමුවේ. එවා සකල කලා වල්ලභ රජුන්ගේ දවස ඉදිකරනු ලද්දක් බව කියැවේ. වැගොව්ව සහ බලබෝව ප්‍රදේශ වල මෙම අම්බලම් දෙක පිහිටා තිබේ.

Read More

pic3

ගලේ දේවාලය

කපුවන් නොමැති දේවාලය නැමති විරුදාවලියෙන් හැදින්වෙන වැගොව්ව ගලේ දේවාලය ගම්බාර දෙවියන් සදහා කැප වූ ඉපැරනි දෙවාලයකි. වර්තමානයේ සිදුහත් සමිතිය විසින් මෙම දෙවාලයේ භාරකාරත්වය සහ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.

Read More

දැන්විම්

ඔබගේ දැන්විම් සදහා විමසන්න

image