උත්තිය කුමරා උඩුගම් බලා පැමිණිම
මෙම ප්‍රදේශය ගතහොත් මුලින්ම ඉතිහාස මූලාශ්‍ර වල පැවසෙන ක්‍රිස්තු පූර්ව 2 සියවස කාලයේදී එනම් කැලණිතිස්ස රාජ්‍ය සමයයි. එම කාලයේදී කැළණිතිස්ස රජතුමාගේ බිසව රජුගේ සහෝදරයෙකු වූ උත්තිය කුමර සමග නොමනා ඇසුරක් පවත්වාගෙන ගිය අතර මෙම ඇසුර පිලිබදව රජුට සැලවිණි. එහිදී රජු තම සහෝදරයා වූ උත්තිය කුමරා හට දඩුවම් කිරීමට අණකරනු ලබයි. එහිදී උත්තිය කුමරා සෙබලුන්ගෙන් බේරී අශ්වයෙක් මත නැගී උඩුගම් බලා පලා ගොස් තිබින. උත්තිය කුමරා උඩුගම් බලා පැමිණී ප්‍රදේශය වර්තමානයේදී උඩුගම්පොළ ලෙස හැදින්වේ. ඔහු එම ප්‍රදේශයේ සැඟව සිටිමින් රජුගේ බිසවට හසුන්පතක් යැවීමට තීරණය කර ඔහුගේ හිත්වතකු පැවිද්දකු ලෙස වෙස් ගන්වා තල් කොළ හසුන්පතක් සමග රජමාලිගයට යැවීය. එහිදී එම හසුන් පත රජුට හසුවීමෙන් පසුව එහි වූ අක්ශර කැළණිතිස්ස මහරහතන් වහන්සේගේ අක්ශර වලට සමාන බැවින් රජුන් නොමඟ ගොස් කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමක පුළුස්සා අපවත් කිරීමට අණ කෙරින.
එම පාප කර්මයේ අනිටු ප්‍රතිවිපාක වශයෙන් මුහුද ගොඩ ගැලීමට පටන් ගත්තේය. ඒ හේතුවෙන් රජුට තම දියණියන් වූ දේවී කුමරිය මුහුදට බිලි දීමට සිදුවිය. 13 හැවිරිදි දේවි කුමරිය මුහුදට බිලිදීමෙන් අනතුරුව ඇය පාවගොස් කිරින්ද ප්‍රදේශයෙන් ගොඩ බෑ බවත් එවකට රෝහණ දේශයේ රජකම් කල කාවන්තිස්ස රජු ඇයව සරණපාවා ගත් බවත් හෙළයේ දේවත්වයෙන් සලකනු ලබන දුටුගැමුණු රජතුමාව බිහිකල බත් ඉතිහාසයේ මූලාශ්‍ර වල කියවේ. වාර්තාගතව පවතින පැරණිතම ඉතිහාස කරුණ මෙය වූවත් වර්තමානය වන විට මේ ප්‍රදේශය තුල ඉපැරණි ජනාවාස තිබූ බවට සාධක හමු වී ඇත. දෙවලපොල ප්‍රදේශයේ පාසලකින් හමු වූ ඉපැරණි සොහොන් පිටිය ඊට නිදසුනකි.