දුනුමාලේ දේවතා බණ්ඩාර


කලු කුමාර සහ වීරා විජිත් රජුන් මරා රාජ්‍යත්වය පැහැරගැනීමට කල කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස තමන්ගේ පුත් කුමාරවරුන් මරා දැමීම රජුන් ගත් තීරණය නිසාවෙන් මාලිගාවෙන් පැන ගිය කුමාරවරුන් වර්තමානයේ කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක මායිමට ආසන්නයේ අත්තනගල්ල අලවල නුදුරෙන් පිහිටි වනගත ප්‍රදේශයක් වන මහකන්ද නැමැති ප්‍රදේශයේ වාසය කල බව කියවේ. මෙම පැනගිය කුමාරවරුන්ගේ බාලතම කුමරා වූයේ කිරිබොන ඈපානෝ මෙම කුමරා නිසි කල වයසට පතවන විට දැඩි අසරණ තත්වයකට පත්ව සිටියේය. තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකර නිසා බොහෝ දෙනා කාත් කවුරුත් නැති අයෙකු ලෙස සිතා විවාහ කරගැනීමට නොහැකිව කාලය ගත කල අතර ඔහුට සිත ගිය කාන්තාවකගේ දෙමාපියන් ඇයවම සරණ පාවා ගැනීමට ඉල්ලීම් කරද ඉහත කී කාරණාව පවසා එම මංගල යෝජනාව ඇයගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් පසුවද එම උත්සහය අත් නොහල කිරිබොන ඈපානෝ මහකන්ද ප්‍රදේශය අතහැර ඇය වාසය කරන ග්‍රාමය ආසන්නයේ කාලයක වාසය කරමින් අපූරු උපායක් යෙදිය.

මෙලෙස වනාන්තරය තුල වාසය කරමින් සිටි කිරිබොන ඈපානෝ අර යුවතියගේ ග්‍රාමයට ගොස් ඔවුන්ගේ සම්පත්, හරකබාන වැනි දෑ සොරාගෙන ගොස් කැලෑවේ සගවා තබා රාත්‍රී කාලයට එම නිවාස අසලටම ගොස් අවතාරයක් ලෙස පෙනී සිටීමත් අස්වල් ගස මුල බත් මුට්ටියක් තබන්නේනම් නැතිවූ දෙය නැවත ලැබෙන බවට ප්‍රකාශ කරමින් රංගනයක් යෙදින. එම අවතාරය ප්‍රකාශ කරන අන්දමින් එම බත් මුට්ටිය තැබූ පසු ඔවුන්ගේ නැති වූ දේ ලැබීමත් සමග ගම්වාසීන් මෙම අවතාරය දේව හෝ යක්ෂ අවතාරයක්ම විය යුතුමය යන්න දැඩි සේ විශ්වාස කිරීමට පෙලඹින. කාලය යත්ම මෙලෙස ගොඩනගා ගත් විශ්වාසය පදනම් කරගනිමින් තමන්ගේ සිත ගත් කාන්තාව ලබා ගැනීමට උපායක් කල්පනා කල කිරිබොන ඈපානෝ රාත්‍රී කාලයක එම නිවසින් දරුවකු සොරාගෙන ඇවිත් කැලයේ සගවා පසුව එම ග්‍රාමයට ගොස් නැවතත් අවතාරයක් ලෙස පෙනීසිටිමින් නැති වූ ලමයා නැවත සොයා ගැනීමට නම් අසවල් කාන්තාව විසින්ම බත් තලියක් රැගෙන අසවල් ගස මුලට පැමිණිය යුතු බවත් නැතොත් මෙම ග්‍රාමයේ සියලුම දරුවන්ට වසංගතයක් වැලදී දරුවන් මිය යන බවට ප්‍රකාශ කර නොපෙනී ගියාය. නියමිත දින එම කාන්තාව විසින්ම බත් තලිය රැගෙන ආ හෙයින් සැගවූ දරුවාව නිදහස් කල අතර මෙම අවතාරය පිලිබද ගැමියන් තුල පැවති විශ්වාසය තව තවත් වැඩිවිය.එදා පටන් එම ප්‍රදේශය දුනුමාල දෙවියන් සදහා කැප වූ ප්‍රදේශයක් බවට පත් වූ අතර මෙම ‘’දුනුමාල’’ නම පටබැදුන ආකාරය මෙසේය. ඉහත කී තරුණියගේ දෙමාපියන්ගෙන් කැමැත්ත විමසීමට යාමේදී මාලයක් ඔවුනට පිලිගැන්වීම එකල චාරිත්‍රයක් විය. ඔවුන් යෝජනාව පිලිගන්නේනම් එය භාරගන්නා අතර අකමැතිනම් මාලය ප්‍රතික්ෂේප කරනු ලබයි. කිරිබොන ඈපානෝ විසින් රැගෙන යන ලද මාලය එම දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඔවුන් මෙම යෝජනාව ට අකමැති වූ නිසාවෙනි. එයින් කළකිරීමට පත් කිරිබොන ඈපානෝ එම මාලය එම දොරේ එල්ලා යාමට තීරණය කලේය. එම සිදුවීම පදනම් කරගනිමින් දුන්න මාලේ, දුනුමාලේ ලෙස නම් වීමට බලපෑ බව ඉතිහාස කතාවල කියවේ. එතුමානන්ව දුනුමාලේ දේවතා බණ්ඩාර නමින් අදටත් වන්දනා මාන කරනවා.


image