මිනුවන්ගොඩ පුරවරයෙන් බිහි වු කළුකුමාර
සකල කලා වල්ලභ රජතුමාගේ බිසවට දාව කළුකුමාර නම් පුත් කුමරෙක් විය. මෙම කුමාරයා කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල් මද කුමරා යන නම් වලින් ද හදුන්වනු ලැබීය මීට අමතරව රජුට දාව රදා ලියකට උපන් කුමරෙකුද සිට් අතර ඔහු වීරමුණ්ඩ හෙවත් වීරයා නමින් හැදින්විය. වැඩි වියට පත් කළුකුමාර වීරමුණ්ඩ හා එක්ව රජු නාන පතහේ (පොකුණේ) උල් සිටුවීය. උදෑසන ජලස්නානයට පැමිණි රජු ජලය මත බඹරුන් වසා සිටිනවා දැක ඊට හේතුව විමසීමේදී තමා ඝාතනය කිරීම සඳහා පොකුණේ දිය යට උල් සිටුවා ඇති බවත් ඒ මත බඹරුන් වසා ඇති බවත් දැනගත්තේය. මෙසේ වීමට හේතුව විචාරීමේදී සිය පුතුගේ කුමන්ත්‍රණය දැන උදහසට පත්ව පුතුන් දෙදෙනා අල්ලා ගැනීම සඳහා සේනාවක් පිටත් කරන ලදී’ එවිට එම කුමරුවන් පලා ගිය මාර්ගය යාතිකාවේ දැක්වෙන පරිදි ‘‘ අස්ගිරිය ගම මැදින්, අම්බලන් දෙක මැදින්, කෑරගල පසු කර ගොස්,කුරුවිට ගෙඟන් එගොඩ වී, සීත ගඟුලෙන් එගොඩ වී ගොස් ඉරහඳ පායන සුර්ය උදාව බලා (පසුවදා උදේ) නවාතැන් ගන්නා ලදී’’’ යන ආකාරයට දැක්වේ’ මෙසේ ගොස් පසුපස බැලීමේදී රාජ සේනාව තමා පසු පස එන බවට මායාවක් සේ පෙනෙන්නට විය’ එවිට ශී‍්‍ර පාද අඩවියේ ‘‘ කුණුදිය පර්වතය’’ නමැති පව්වෙන් පැන කුමරුවන් දිවි නසා ගන්නා ලදී.
මෙයින් පසු ප්‍රදේශය පුරා නොයෙකුත් වසන්ගත රෝග පැතිරෙන්නට විය’ මෙයින් කලබල වු ප්‍රදේශ වාසීන් මෙම උපද්‍රව වලින් බේරීම සඳහා දිය යුතු පිදවිල්ල සොයා බලන ලදී. කළුකුමාර කංකාරියේ ආරම්භය මෙයයි’ මෙය අළුත් සහල් මංගල්‍යය, දෙවියන් වැදීම යනුවෙන්ද හදුන්වයි. මෙහිදී කුඹුරු කපා ගොයම් ගෙට ගත් පසු අළුත් වී වලින් දෙවියන්ගේ සහ යකුන්ගේ නමින් වී මුල් දෙකක් වෙන් කරය’. එක් වී මුලක ‘‘දේ’’ යනුවෙන් සටහන් කරන අතර එය දෙවියන් සඳහාත් අනෙක් වී මුලේ ‘‘ය’’ යනුවෙන් සඳහන් කරන අතර එය යකුන් සඳහාත් වෙන් කරනු ලබයි. දෙවියන්ට වෙන් කල වී මුල ගමේ දෙවොල් මඩුවට යවයි. යකුන්ට වෙන් කල වී මුල ගෙදර මල්බුලත් තටුව සාදා වී භාරය හරී’ ඒ සඳහා මල්බුලත් තටුවක් සාදා එයට වී ටිකක් තබා ගෙදර සිටින අයවලූන්ගේ ගණනට පඩුරු තබයි. ඊට අමතරව පුවක් මල්, පොල් මලක්, කහ දිය බෝතලයක්, බුලත්, වන මල් තබා ගෙදර උදවිය පැදුරක වාඩි කරවා යාතිකා කරනු ලබයි. මෙයට යාතිකා කට පාඩමින් දන්නා සුවිශේෂී පුද්ගලයකු හෝ දේවාලයක කපු මහතෙකු සම්බන්ධ වේ. යාතිකාවෙන් පසු කපු මහතා විසින් වී ටිකක් ගෙන හපා වී භාරය හරි.
මෙසේ අළුත් සහල් ගෙට ගෙන වී භාරය හැරීමට පෙර පිළිපැදිය යුතු සාම්ප්‍රදායිකව පැවත එන චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් වේ.
- කෙසෙල් කැන් බිම් තැබීම
- පිටි කෙටීම
- කැවුම් ඉවීම
- මළ ඉරු බසින වේලාවන් වලදී කෑකොස්සන් ගැසීම
- බෙර රබන් වැයීම
- තෙල් තාච්චි ලිප තැබීම
- කිරිබත් කැබලි කැපීම
මෙසේ නිවසේදීම වී භාරය හරිනවාට අමතරව ගමම එකතුවී දේවාලයක මහත් සරුවට ද මෙම කාර්යය කරනු ලබය’. මෙය වත් පොහොසත්කම් අනුව තුන්කට්ටුව පිදීම සහ හත් කට්ටුව පිදීම ලෙස පිදීම් කරනු ලබති.
තුන් කට්ටුවට අදාල දෙවිවරු:- වීරමුණ්ඩ දෙවියෝ (ප්‍රධාන), කළුකුමාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ)
හත් කට්ටුවට අදාල දෙවිවරු :- වීරමුණ්ඩ දෙවියෝ (ප්‍රධාන), කළුකුමාර, දේවතා බණ්ඩාර, ගලේ බණ්ඩාර, යාපා බණ්ඩාර, හිටි බණ්ඩාර, මැණික් බණ්ඩාර.
මෙහිදී පහන් සාදා කන්කාරිය පිදීම කරනු ලබයි. කන්කාරි පුදා අවසානයේ කඩවර ගොටුව දිය යුතුය’ මෙය සාදා රා, අරක්කු, කන්සා, අබින් වැනි සියළු මත්ද්‍රව්‍ය සහ කුකුල් බිලි, එළු බිලි(ලේ ස්වල්පයක්) ගෙන ගොටු තැබීම කරනු ලබයි. මෙහිදී තුන් කට්ටුව සඳහා බත් මුට්ටි තුනක් පිස කඩවර ගොටු තුනක් තබන අතර හත් කට්ටුව සඳහා බත් මුට්ටි හතක් පිස කඩවර ගොටු හතක් තබයි.
මෙම කංකාරිය කරනු ලබන්නේ අලූත් වී කොටා ඒවායින් ලබා ගන්නා සහල් වලිනි. මෙම වී කොටා ලබා ගන්නා සහලින් බත් පිස, හත් මාළුව සමඟ කෙසෙල්, කැවිලි යනාදිය පිස පිදවිලි කොට පැමිණ සිටින සියලූ දෙනාට සංග්‍රහ කරනු ලබයි. මෙම කාර්යය සිදු කරනු ලබන පුද්ගලයා ‘‘ කොට්ටෝරුවා’’ නමින් හැදින්වෙන අතර ඔහු කපු මහතාගේ ආවතේව කරුවෙකි. එම පුද්ගලයා සියළු මත්ස්‍ය මාංශයන්ගෙන් වැළකී, නා පිරිසිදු වී මෙම කාර්යය සිදු කරනු ලබයි.
කළුකුමාර යාදින්න.
‘‘ අවසර පස්වාන් දහසක් තිරහත් කාලයක් කප්පාන් තිරයක් අහස පොළොව පවතින්නාතේකට ඉර හද පවතිනා තේකට කළුකුමාර බණ්ඩාර දෙවියන් වහන්ස ඔබ වහන්සේ සකලකලාවල්ලභබාහු රජ්ජුරුවන්ගේ කුමාරයා සැබෑසත්ත නම් පිය රජ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් සිටෝලා සලූ අපුල්ලන ඇමැත්තයෙක් එක්ක හිමේ හත්ගව්ව බලා වදාරලා කුණුදිය පරුවතේ පල්ලේ පැන මිය යක් වී වදාරලා මෙරට මහත් දෙවියන්ට තෙද කීර්තියක් පාගෙන ඊරියගමට වැඩම කර වදාරා ඊරියගම යක්සයාට කොටා ඊරියගම මළුවේ තිබුණ තල් ගස් දෙක එකට ලණු අඹරවාපු තෙද කිර්තියක් පා ගෙණ අඩුක්කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළු කුමාර දෙවියන් වහන්සේගෙන් වන්නා වු යක්ස උපද්රාවල් දුරුකර බලා ආයෙත් එන අවුරුද්දේ අගුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක් දෝෂයක් දේවි දෝෂයක් පේන්ඩ ඉඩක් තියන්නේ නැතුව සකල ශබ්ර පංචස්කන්දවල් දේවාරක්ෂාවා භන්දවා දෙන්ඩ කළුකුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන්තිරයකටම ආයුබෝ වේවා’’