සකලකලා වල්ලභ රජු
උඩුගම්පොළ රාජධානිය පාලනය කර සකලකලා වල්ලභ රජුගේ ඉතිහාසය ගැන සොයාබැලීමේදී අටවන වීරපරාක්‍රමභාහු රජතුමන් දෙවනුව සරණපාවා ගත් අගබිසවගේ බාල නැගණියගේ පුතුන් දෙදෙනාගේ වැඩිමහලු පුතාය. ඔහුගේ සහෝදරයා වූයේ තනිය වල්ලභ කුමරුය. (වර්තමානයේ මාදම්පේ දෙවියන් ලෙස සලකනු ලබන තනියවල්ලභ රජතුමන්) සකලකලා වල්ලභ යන නාමය ඔහුට ලැබී ඇත්තේ සකල කලාවන්ට මනාව දස්කම් පෑම නිසාය. තවද ඔහුට චක්‍රායුධ කුමාරයා ලෙසද හදුන්වනු ලැබුවේ චක්‍රා යුධය හැසිරවීමේ මනා නිපුනතාවයකින් හෙබි අයෙකු වීම නිසාය. එය ඕලන්ද ජාතික පූජකතුමකු වන වැලන්ටයින් පූජකතුමා 1724 දී එලි දක්වන කෘතියක සදහන් වේ. සකලකලා වල්ලභ රජුන් තම රාජධානිය බතබුලතින් සශ්‍රික කිරීමට සහ යුධමය අතින් ඉතා දක්ෂ රජුන් කෙනෙකු බවට ඉතිහාස මූලාශ්‍ර වල දැක්වේ. එතුමා විසින් උඩුගම්පොළ රාජධානි තුල කෘෂිකාර්මික දියුණුව සදහා විශාල සේවාවක් කර ඇත. මෙම රාජධානිය තුල විවිධ ප්‍රදේශ වර්තමානයේ හදුන්වන නම් සදහා එම කුලයේ යම් යම් සිදුවීම් හේතු පාදක වී ඇති බව ග්‍රාම නාම යටතේ පවා ඔබට දැකගත හැක.එයින් ප්‍රධාන ස්ථානයක් වන්නේ අස්වාන වේල්ලයි. මෙම වේල්ල හරහා ප්‍රදේශයේ කෙත් යායන් ඇස්වැද්දීමට මහත් රුකුලක් වූ අතර එතුමාගේ අසාර්ථක වූ වැඩක් වූයෙත් මෙම වේල්ලයි. මෙම ප්‍රදේශයේ බොහෝමයක් ග්‍රාම නාමයන් ඇතිවීමට හේතු සාධකයන් වී ඇත්තේ මෙම අස්වාන වේල්ලයි.
යුධ ශක්තිය
රජතුමාගේ යුධ ශක්තිය ගැන කතා කලහොත් කෝට්ටේ රාජධානියේදී ලංකාව ආක්‍රමණයට පත්වූ පෘතුගීසීන් ගැන සොයා බලා රජුන්ට වාර්තා කිරීම පැවරුනේ සකල කලා වල්ලභ රජතුමාටය.එමෙන්ම පෘතුගීසීන් හා යුද්ධ සේනා සන්නද්ධ කිරීමේ කාර්‍යද මෙම ප්‍රදේශයේ සිදු කල බව කියවේ. සකල කලා වල්ලභ රජුගේ වඩාත්ම රණශූර භාවය ගැන කියවෙන කතාවක් ලෙස ඉතිහාස පොත්පත් වල ලියැවී ඇත්තේ ‘’අදිරාසන’’ පරාද කිරීමේ කතාවයි. කෝට්ටේ යුගයේදී ධර්ම පරාක්‍රමභාහු රජ සමයේදී හලාවත ප්‍රදේශය මුතු කොල්ලයන් ඉතාමත් දියුණු ආකාරයෙන් පැවතිණ. මෙය සිදු කරනු ලැබුවේ කයාල් (පට්ටගමෙන් පැමිණෙන ලද) අදිරාස රායන් (කදිරායන) නැමැති මුදලි ඇතුලු මුක්කර් වංශික කොල්ලකරුවන් පිරිසක් විය.හලාවත ප්‍රදේශය එවකට මාදම්පේ උප රාජධානියට අයත්ව තිබූ අතර එහි පාලනය ගෙන ගියේ සකල කලා වල්ලභ රජුන්ගේ බාල සහෝදරයා වූ තනියවල්ලභ විසිනි. මෙම කොල්ලය නැවැත්වීම පිණිස සකල කලා වල්ල්භ රජුන් උඩුගම්පොළ සිට සේනා සංවිධානය කර එම ප්‍රදේශයට ගොස් තම සහෝදරයා වූ තනියවල්ලභ රජුන් සමග එක්ව යුධ කල ආකාරය පහතින් දැක්වේ.
15 වන ශත වර්ශයේ අගභාගයේ සිට 16 වන ශතවර්ශයේ මුල් භාගය දක්වා දිගු කලක් තිස්සේ මෙම මුක්කර වංශික මුහුදු කොල්ලකරුවන්ගේ මුතු කොල්ලය නිසා කෝට්ටේ රාජධානියට විශාල පාඩුවක් විය.එම පිරිස මුතු පමණක් නොව ප්‍රදේශයේ ඇත් දළ සොරකම සහ ප්‍රදේශවාසින්ගේ දේපළද කොල්ල කෑමට පුරුදුව සිටියහ. ධර්ම පරාක්‍රමභාහු රජුගේ භාණ්ඩාගාරය හිමිවිය යුතු ආදායම් මෙම මංකොල්ල කෑම නිසා විශාල ලෙස පාඩු සිදු වූ බැවින් සහ ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් සිදුකරන ලද පැමිණිලි හේතුවෙන් රජු කුපිත වී මෙම අදිරාසරායන් (කුරායන්) හා අනෙකුත් සොරමුල අල්ලා ඝාතනය කිරීමට යුධ ආඥා තම සොහොයුරු වූ සකල කලා වල්ලභ රජු මගින් තනිය වල්ලභ රජු අතට පත්කරන ලදී. මේ ආකාරයෙන් සකල කලා වල්ලභ රජු සුවිශේෂී යුධ ශක්තියක් දැක්වූ බව ඉතිහාසයේ කියවේ. එමෙන්ම කෝට්ටේ රජුට සතර කෝරලයෙන් එල්ල වන ලද කැරැල්ල මැඩ පැවැත්වීමට ද සකලකලා වල්ලභ රජුන් තම රණ ශූරත්වය විදහා පෑ අවස්ථාවකි.
දිවි පෙවෙත
සකල කලා වල්ලභ රජුන්ගේ පුද්ගලික දිවි පෙවෙත ගැන කතා කරහොත් ඔහුගේ විවාහ දිවිය ගැන - අගබිසවක් ගැන කියවෙන්නේ නොමැතිම තරම්ය. ඔහුට පුතුන් 7 දෙනෙකු සිටි බව කියවේ. දයානන්ද ශූරීන්ගේ ග්‍රන්ථයට අනුව සකල කලා වල්ලභ රජුන් විෂම කුලයක කාන්තාවක් සමග විවාහයක් ගැන කියවේ. එහෙත් රජුගේ පුතුන් ගැන විවිධ කතාවන් ජනප්‍රවාදයෙන්, ඉතිහාස මූලාශ්‍ර වලින් සදහන් වේ. එයින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ද්වීපය තුල මහත් ආන්දෝලනත්මක යක්ෂ චරිතයක් වන කලු කුමාර නොහොත් මැණික් සාමි කුමාරය යි. තවද රජුගේ බාල පුත් කිරිකෝන ඈපා කෑගලු පුරවරයේ දේවත්වයෙන් අදහා දුනුමාලේ දෙවියන්, වීර මුණ්ඩ නැමැති යක්ෂයා ලෙස හැදින්වෙන වීරා සහ ඩිංගිරි යන පුතුන් සිව් දෙනා ගැන ඉතිහාස මූලාශ්‍ර වල සදහන් වේ. (මෙම දේව සහ යක්ෂ කතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් මෙම අඩවිය හරහා ඔබට කියවිය හැක.) දෙමාපියන් සතුව පැවති විෂම කුළ නිසා තමන්ට රාජ්‍යත්වයට පත්වීමට යන දිගු කාලය පිළිබද නොඉවසිලිවන්ත භාවය හේතුවෙන් මැණික් කුමාර සහ වීරා එක්ව පියා මරා රාජ්‍යත්වය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් වූ රජුන් ස්නානය කරන පොකුණේ උල් සිටවා මරා දැමීමට ගත් ප්‍රයත්නය අසාර්තක වීමත් ඒ පිලිබද දැනගත් රජු රාජ උදහස නිසාවෙන් පුතුන් 5 දෙනාටම දඩුවම් පැමිණවීමටත් රජතුමා අණ කරන ලදී. එයට බියෙන් සියලු දෙනාම රාජධානියෙන් පැනගොස් විවිධ ප්‍රදේශ වල ජීවත් වූ බවත් එහිදී සිදු කරන ලද ක්‍රියාවන් නිසාවෙන් මෙම දේව සහ යක්ෂ ආත්ම ලැබීම හේතුවිය. ඒ පිලිබද විස්තරයක් මිනුවන්ගොඩින් බිහිවූ දෙවියන් සහ යක්ෂයින් පිටුවෙන් ලබාගත හැක.
මෙලෙස බොහෝ දක්ෂ කාර්‍ය ශූර සකල කලා වල්ලභ රජුන්ට කෝට්ටේ රාජධානිය බාර ගැනීමට ආරාධනා කලද එතුමාගේ උරුමයන් එය අයිති නැති නිසා (අගබිසවගේ නැගණියගේ දරුවකු වීම නිසා) එම අවස්ථාව ප්‍රතික්ශේප කලබව ඉතිහාස කතාවල සදහන් වේ.