ගලේ දේවාලය
මිනුවන්ගොඩ සිට දිවුලපිටිය මාර්ගයේ යන විට හමුවන නිල්පනාගොඩ මනසන්ධිය පසුකර කෙටි දුරක් ගමන් කරන විට හමුවන මෙම දේවාලය පිහිටා ඇත්තේ ගම්පහ මිනුවන්ගොඩ වෑගොව්ව ගමේ ගල්තලාවක් මතය. මේ නිසාම එය ‘ගලේ දේවාලය’ යැයි නම් ලැබ තිබේ. වෑගොව්ව ගමේ වූ වෙල් යායක් මැද පිහිටි ගල් තලාව මත වූ මෙම දෙවොල ස්වාභාවික පරිසරයක පිහිටා තිබේ. මීට වසර ගනනාවකට පෙර මෙම ගල්තලාවේ ඉබේ හටගත් නුග වෘක්ෂයට පුද පුජා පැවැත්විමට ආරම්භ කරනලදි. ඔවුනගේ යම් යම් කාරණා සඳහා බාර හාර විම එම කාලයේ සිටම පැවත ඇත. එම සිතන පතනා දෙවල් ඉෂ්ට සිද්ද විමත් සමග මෙම භුමියේ කුඩා දෙවාල කුටියක් ඉදිකර ඇත්තෙද ඒ ආකාරයෙන්ම සිදු වූ බාරයක් ඔප්පු කිරිම වෙනුවෙනි. මෙලෙස සිතනා පතනා දේ ඉෂ්ට විමත් සමඟ මෙම ගලේ දේවාලය ප්‍රදේශය පුරා ප්‍රචලිත විමට පටන් ගෙන අද වන විට මුළු දිවයින පුරාම ප්‍රසිද්ධියට පත්ව ඇත.
මෙම දේවාලයේ සුවිශේෂි ලක්ෂනය වනුයේ දේවාලයට කපු මහතෙක් නොමැති විමයි. එහෙයින් කපුවන් නැති දේවාලය ලෙසින්ද මෙම දේවාලය ප්‍රසිද්ධියට පත්ව ඇත. වර්තමානයේ මෙම දේවාලය සිදුහත් සමිතිය විසින් භාරකාරත්වය දරන අතර මෙම දේවාලය සඳහා දෛනීකව දහස් ගනනින් බැතිමතුන් පැමිණෙන අතර බදදා සහ සෙනසුරාදා දිනවල එන බැතිමතුන් ප්‍රමාණය අතිවිශාලය.