ගල්කන්ද සිරිනිකේතන පිරිවෙන් මුල මහා විහාරය
කොළඹ කුරුණෑගල මාර්ගයේ මිනුවන්ගොඩ නගරයට සැතපුම් 3 1/2 ක් පමණ දුරින් ගල්කන්ද මංසන්ධියේ සිට කිලෝමීටර් 1/2 පමණ පසු කිරීමෙන් මෙම ස්ථානයට ලගා විය හැක. මෙම විහාරස්ථානය ”අරංහතේ” යනුවෙන් හදුන්වා ඇති බවට ජනප‍්‍රවාදයේ පවතී. ගාල්ලෙන් හා දුරාතීතයේ යෝගාවචරයින් බවුන් වැඩු ස්ථානයක් බවට විශ්වාස කරයි. මෙම විහාරය ”පුංචි කැළණිය” යනුවෙන් ද එවකට ප‍්‍රදේශවාසීන් විසින් හදුන්වා ඇත’ පුජ්‍ය දීවල ශ්‍රී ශීල විමල හිමිපාණන් වහන්සේ මෙහි ආදි නිර්මාතෘ වරයාණන් වේ.
ගල් කටාරම් හා ගල් වලින් හැදුනු ස්වාභාවික පොකුණු දක්නට ලැබෙන මෙම විහාරය වළගම්බා රජුගේ යුගයේ ඉදිවුවක් බවට විශ්වාස කරයි. විහාර මන්දිරයේ බෞද්ධ කතා වස්තු කියවෙන බිතු සිතුවම් දක්නට ලැබේ 18 රියන් උසැති බුද්ධ ප‍්‍රතිමාව, මහල් තුනකින් යුත් විශාල ඝන්ටාර කුළුණ, බෝධියට යාබද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමාව, බොධිඝරයක් සහිත බෝධිය මෙම විහාරස්ථානයට වෙන් වු විශේෂ අංග වශයෙන් සැළකිය හැකිය. මෙම විහාරය පල්ලියක ස්වභාවයක් ගන්නා අතර මෙම විහාරය ඉංග‍්‍රිසින්ගේ කාලයේදි සිදුවුවක් නිසාවෙන් එම ගොඩනැගිලි අකෘතියට නිම කරවා ඇත.