ගල් ඔලූව මුස්ලිම් පල්ලිය


ගල් ඔලූව ශතවර්ෂ ගණනාවකට පෙර සිටම මුස්ලිම් ගම්මානයකි. කොටුගොඩ, මිරිස්වත්ත, මාබදෙල, දිවුලපිටිය, පින්නකැලේ ආදී ගම්මාන වල පදිංචි මුස්ලිම් ජනතාව වරින් වර මෙම ප‍්‍රදේශයේ පදිංචිව ඇත’ 1915 ඇති වු මුස්ලිම් කෝලහල අවධියේ මෙහි කිසිම කොලහලයක් සිද්ධ නොවු අතර එම අවධියේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජනතාව පවා ආරක්‍ෂාව උදෙසා මෙම ප‍්‍රදේශයට පැමිණ පදිංචි වී ඇත.

මුල් අවධියේ තිබු පොල් අතු වලින් තැනු කුඩා දේවස්ථානය කලින් කලට දියුණු වී දැන් තිබෙන පල්ලි තුනෙන් විශාලම පල්ලිය බවට පත් වී ඇත’ මෙම පල්ලිය 1987 මුලූ මනින්ම කඩා දමා ඇත’ මීට අමතරව මෙම ප‍්‍රදේශයේ බහුතරයක් ජීවත් වන්නේ මුස්ලිම් ජනතාව වුවත් බෞද්ධ ක‍්‍රිස්තියානි ආදී අන්‍ය ආගමිකයන් ද ජීවත් වේ’ එසේ වුවත් පොදුවේ ගත් කළ සාමකාමීව ජීවත් වන ගම්වාසීන් සිටින ගම්මානයක් බවට සැළකේ.


image