සද්ධර්මතිලකාරාම පුරාණ විහාරය
වේයන්ගොඩ මිනුවන්ගොඩ පාරේ වඩුමුල්ල හන්දියේ දකුණට ඇති මාර්ගයේ සැත.1 1/2 පමණ පසු කල විට මෙම මැටිකොටුමුල්ල සද්ධර්මතිලකාරාම පුරාණ විහාරය හමුවේ. මෙහි ටැම්පිට විහාරය පුරා විද්‍යා ස්මාරකයක්ව පවතින අතර වසර සිය ගනනක පෞරාණිකත්වයක් ඇති මෙම පුද බිමට උරුම වී තිබුන බවට පිළිගත හැකි සාධක මැකී ගොස් තිබුණ ද නුවර යුගයේ චිත්‍ර හා ප්‍රතිමා වලින් සැදුම් ලද ටැම්පිට විහාරය මහල් කීපයකින් සමන්විත ය. ධර්ම මන්දිරය දැවැන්ත බෝධි වෘක්ෂය මෙහි පෞරාණිකත්වය විදහාපාන පැහැදිලි සංකේත ලෙසින් සැලකිය හැකිය. මෙම ටැම්පිට විහාරයේ විශේෂත්වය වී ඇත්තේ ඇතුලත හා පිටත එක හා සමානව චිත්‍ර වලින් අලංකාර වී තිබීමය. ගම්පහ දිස්ත්‍රික්කය තුල තවට් මෙවැනිම ටැම්පිට විහාර කිහිපයක් මේ ආකාරයෙන්ම ඉදි කර තිබිම එකම කාලයක් තුල එම නිර්මාණය කරන ලද විහාර ලෙස අපට අනුමාන කල හැක. මිරිගම අටුපොත් දෙනිය පොත්ගුල් විහාරය, මොට්ටුන්න විහාරස්ථානයේ මේ අයුරින්ම සෑම අතින්ම සමාන ටැම්පිට විහාර ඉදි කර තිබේ.
අඩි 2 ක් පමණ උස් වූ ගල්ටැම් 9 ක් මත පිහිටුවා ඇති මෙම ටැම්පිට විහාරය දිගින් අඩි 14 අඟල් 6 ක් හා පළලින් අඩි 10 අඟල් 4 ක් වූ පිළිමගෙය වටා අඩි 4 අඟල් 6 ක් වූ ප්රදක්ෂිණා පථයක් දක්නට ලැබේ. පිළිම ගෙය තුළ හිඳි පිළිමයක් හා හිටි පිළිම දක්නට ලැබේ. වහලය පල හතරට බෙදා පෙති උළු හා සිංහල උළු සෙවිලි කර ඇත. මෙයට යොදාගෙන ඇති ලී බාල්කවල ක්‍රි.ව. 1899 වර්ෂය සටහන් කර තිබේ. එම බාල්කය යොදන්නට ඇත්තේ පසු කලෙකය. පසු කලෙක මෙම විහාරය ක්‍රි.ව. 1862 දී ප්‍රදේශවාසීන් විසින් සාදන ලද බව ජනප්රවාදයේ සඳහන් වේ.
වසර එකසිය පනහකට පමණ පෙර පන්සල්වත්ත යනුවෙන් හැඳින්වෙන ඉඩමෙහි වරින් වර වැඩ විසූ ස්වාමින් වහන්සේලා ඉතා කුඩා විහාරයක් තනා මැටියෙන් ඉදිකළ පිළිම වහන්සේ නමක් තැන්පත් කර පුද පූජා පවත්වා ඇති බවත් ජන මතයේ පවතී. ඒ කිසිවක ශේෂයන් වත්මනෙහි දක්නට නැත.