ශුද්ධ වු ඌගෝ මුනිදුන්ගේ දෙව් මැදුර
මෙම පැරණි දේවස්ථානය වර්ෂ 1840 ජුනි 01 වෙනි දින ආරම්භ විය. එවකට මීගමුව මීසම භාරව සිටි එමලියානු පියතුමා විසින් අබිලීනු පෙරේරා මහතාගේ ඉල්ලීම මත මෙය ගොඩනගන්නට විය. මුලින් පොල් අතු සෙවිලි කර සෑදු ශුද්ධ වඅ මණඩපය තැනු ස්ථානය වර්තමානයේ ඇත්තේ පුංචි පල්ලිය හෙවත් කණික්කා දෙව් මැදුරයි. ගරු මර්සලින් පියතුමා (1905 - 1910* කරුතබාර් පියතුමා (1910 - 1922* ගරු එමලිපේරෝන් පියතුමා යන අයවලූන් යටතේ මෙම දේවස්ථානය වරින් වර පාලනය විය.
එමෙන්ම මෙම දේවස්ථානය හා සම්බන්ධ ජනප‍්‍රවාදයේ එන කතාවක් කිතුනු බැතිමතුන් අතරේ පවතී. එනම් මෙය සෑදීමට වෙහෙස වු කම්කරුවන්ගේ විඩා පහත නිවා ගැනීමට කළු ගල් පර්වතය තුලින් සිදුරක් මතුව ජලය ගලා ආ බවත් පසුව එම ජලය බීමට හා ලෙඩ රෝග සුව කිරීමට යොදාගත් බවත්ය. අදටත් මෙය ලෙඩ රෝග සුව කිරීම අතින් හාස්කම් පවතින බවට කතෝලික බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍ර වී ඇත’ ඔලෙසම ඉතාමත් පැරණි දේවස්ථානයක් වන මෙම දේවස්ථානයේ නමින් වෙන යම් ස්ථානයක දේවස්ථානයක් ඉදි නොවීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේය.