ග්‍රාම නාමයන්


මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.



වෑලිය


සකලකලා වල්ලභ රජුගේ උඩුගම්පොල රාජධානි යුගයේ බිහිවූ ගම්මානයකි. සකලකලා වල්ලභ රජු විසින් ඉදිකරන ලද වැවක් පැවති බවත්, එකී වැව ආශ්‍රිතව බිහි වූ ගම්මානයක් පැවති බවත්, එම ගම්මානය “වැව් එළිය“ ලෙස නම් වූ බවත් පසු කාලීනව “වෑලිය“ ලෙස පැවත එන බව ජනප්‍රවාදයේ පවතී. “වැවෙන් එළිය වූ ගම්මානය වැව් එළිය වූ අතර පසු කාලීනව වෑලිය බවට පරිවර්තනය වී ඇත.“



වැල්හේන


උඩුගම්පල රාජධානිය කරගත් සකලකලා වල්ලභ රජතුමාගේ කාලයේ මෙම ගමෙහි පිහිටි වැව ගොඩවීම නිසා වැව වටා හේනක් බිහිවී එය වැවහේන ලෙස හදුන්වා පසුකාලීනව වැල්හේන වශයෙන් වෙනස් වී ප්‍රසිද්ධ වී ඇත. මෙහි අනෙක් පුරවෘත්තය වන්නේ සකලකලා වල්ලභ රජු අසනීපවූ අවස්ථාවක බෙහෙත් වැල් විශේෂයක් සෙවීමට රාජ පුරුෂයන් එවා ඇත.එම රාජපුරුෂයන් විසින් මෙම ගමෙන් බෙහෙත් වැල් කරත්තයක් පමණ කඩාගෙන ගොස් ඇති නිසා එහිදී මලණුවන් විසින් රජතුමාට “අයියේ වැල්හේනක්ම ගෙනත්“ යයි පැවසූ හෙයින් වැල්හේන ලෙස ජනවහර වූ බව සැලකේ.



උඩුගම්පොළ


උත්තිය කුමරා සෙබලුන්ගෙන් බේරී අශ්වයෙක් මත නැගී උඩුගම් බලා පලා ගොස් තිබිණ. උත්තිය කුමරා උඩුගම් බලා පැමිණී ස්ථානය වර්තමානයේදී උඩුගම්පොළ ලෙස හැදින්වේ.



අස්ගිරිවල්පොල


වර්තමානයේ අස්ගිරිවල්පොල ගම ගැන සලකා බලන විට ශතවර්ෂ කීපයකට පෙර යුගයේදී වර්තමාන අස්ගිරිය සහ අස්ගිරිවල්පොල නම් පෙදෙස් දෙකම එකම ගම් පෙදෙසක් ලෙස පැවතුන බවට සාධක තිබේ. එහි වඩා ජනාකීර්ණ නොවූ වනගත ප්‍රදේශය “අස්ගිරිවල්පොල“ නමින් හැදින්වුන බවත්, වල්පෙල පසුව වල්පොල බවට පත්වූ බවත් බොහෝ දෙනාගේ මතයයි. අවට ගම්වල කිසිවෙකු ලාදුරු,වසූරිය වැනි වසංගත රෝග වලින් පෙලුනේ නම් ඔවුන් සමාජයෙන් වෙන්කර කැලයේ කුඩා පැලක් සාදා එහි තැබීමට මෙම වනගත ප්‍රදේශය භාවිතා කල බවට ද මතයක් පවතී. එය අස්ගිරිවල්පැල, අස්ගිරිවල්පොල ලෙස වෙනස් වූ බවට මතයක් පවතී. මෙම වසම තුල පිහිටි අගාර වෙල් යායට බටහිරින් පිහිටි ප්‍රදේශයේ එක් කුඩා ඉඩම් කොටසක් “ජම්බුවත්ත“ නමින් භාවිත කර ඇත. පසුව එම සම්පූර්ණ ප්‍රදේශයම ජම්බුවත්ත නමින් හදුන්වනු ලබයි. වසම තුල වර්තමානයේ උප ගමක් ලෙස ජම්බුවත්ත හදුන්වනු ලබයි.



අස්ගිරිය


කැලණිතිස්ස රජු සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මෙම ප්‍රදේශයට පලා ආ උත්තිය කුමරා ඔහුගේ අශ්වයා රැදවූ ස්ථානය(පර්වතය) අශ්වගිරිය ලෙසද, පසුව එය අස්ගිරිය වූ බව පිළිගැනේ. එසේම උත්තිය කුමරාගේ අශ්වයා මෙම කන්දේදී අතුරුදහන් වූ බවත්, ඒ හේතුවෙන් අශ්වගිරිය, අස්ගිරිය වූ බවට ද මතයක් පවතී. තවද දිනක් උත්තිය කුමරු මහා ගණ කැලැවකින් වැසී තිබුන අද අස්ගිරි කන්ද නමින් හැදින්වෙන ගිරි මුදුනට පැමිණ අවට සිරි නරඹා ඇත.ක්‍රමයෙන් සවස් වූ පසු සූර්‍යයා අස්තානගතවන අයුරු මනව දැක මෙම ගිරි සිකරයට හිර-අස්ම-ගිර කියා හදුන්වා දී ඇති බවත් පසුව හිර යන්න ලොප් වීමෙන් අස්මගිර කියා භාවිත වී ඇති බවත් කාලයාගේ ඇවැමෙන් කෙසේ හෝ මෙය අස්ගිරි කියා භාවිත වී ඇති බවත් සිතිය හැක. තවත් මතයක් නම්, මීට වසර 2300 කට පමණ පෙර මෙම කන්ද ඇතට දිස්වූයේ අශ්වයකු ගෙලදික්කරන් උඩබලා සිටින ආකාරයටයි. එහෙයින් මෙය අස්සගිරිය වී පසුව අස්ගිරිය බවට පත්වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ. ඊට අමතරව ජනප්‍රවාදයේ පැවත එන තවත් කරුණක් නම් කදුමුදුනින් අශ්වයෙකු යටිගිරියෙන් හේසාරාවය කර සිට රෝගාතුරව මියගිය හෙයින් අස්ගිර වී පසුව අස්ගිරිය බවට පත්වූ බවයි.